2016 වර්ෂයේ පළමු වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 5.5ක් ලෙස වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාවේ මුළු දළ ජාතික නිෂ්පාදිතය 2016 වර්ෂයේ පළමු කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා ස්ථාවර මිළ ගණන් (2010) යටතේ රු.මිලියන 2,088,024ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවත්, 2015 පළමු කාර්තුවේදී මෙම දළ ජාතික නිෂ්පාදිතය වූ රු.මිලියන 1,978,609ක් වූ බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.