(VIDEO) 2016 වසරේදී මේ රටේ තීරණාත්මක බලවේගය හකීම්ලාවත්, තොණ්ඩමන්ලාවත් නොව බොදුබල සේනාව බව වගකීමෙන් සඳහන් කරන බවත්, ඇමති හකීම්ට හා හිටපු ජනපතිනි චන්ද්‍රිකාට ඕනෑ ඕනෑ දේ රටේ සිදුකිරීමට නොහැකි බවත් බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
ශ්‍රී ලංකාවේ ආණ්ඩු තනන්නේ තමන් යැයිද, ආණ්ඩුවෙන් ඉවත් කළහොත් නැගෙනහිර බලය වට්ටන්නේ යැයිද කියන රවුෆ් හකීම්ගේ ප්‍රකාශයත්, දකුණු ආසියානු ප්‍රතිපත්ති හා පර්යේෂණ ආයතනය නම් ආයතනයක් ඔස්සේ මෙරට ආගමික සංහිඳියාවක් නැතැයි කියන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කළඑළි බැස්මත් පිළිබඳව ඊයේ (13දා) කොළඹදී මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙසේ සඳහන් කළහ.
“අපි තවමත් මේ රටේ නීතිය පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කරනවා. මේ සිදුවන ආගමික අසාධාරණකම්වලට, ආගමික ඝට්ටනයක් ඇති කිරීමට සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළවල් වැළැක්වීමට ආණ්ඩුව ක්‍රියා නොකළොත් ආගමික භේදභින්නතාව වළක්වාගන්න ආණ්ඩුව කටයුතු නොකළොත්, අපට සිද්ධවෙනවා නිල නොවන පොලීසියක් ලෙස ක්‍රියාත්මක වී මේවා සුද්ධ බුද්ධ කරලා දාන්න" යැයි උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළහ.
මෙම ප්‍රවෘත්තියට අදාල වීඩියෝව පහතින් නරඹන්න
)