මෙම වර්ෂයේ ගතවූ කාලසීමාව තුළ මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 2,800 ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අනුව මාර්ග අනතුරුවලට ලක්වී විපතට පත්වූවන් සැමරීමේ ලෝක දිනයට සමගාමීව මෙම මස 15 සිට 18 දක්වා අනතුරු නිවාරණය පිළිබඳ ජාතික සතියක් ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙරට මාර්ග අනතුරුවලට ගොදුරුවන්නන් අතර බහුතරය අවුරුදු 15 ත් 40 ත් අතර වයස්වල පසුවන්නන් නිසා එමගින් රටේ ආර්ථිකයටද වැඩි බලපෑමක් සිදුවන බව ඔවුහු පවසති.
අධික වේගය, මාර්ග සලකුණු පිළිනොපැදීම, රියදුරන් හා පදිකයන්ගේ නොසැලකිල්ල, මාර්ග භාවිතයේ දී ජංගම දුරකථන භාවිතය, රථවාහනවල යෝග්‍යතාව යනාදිය අනතුරුවලට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත.