2016 වසරේදී එච්.අයි.වී. ආසාදිතයන් 250 දෙනෙකු සොයාගෙන තිබෙන බවත්, එම වසරේදී ලක්ෂ 11කට අධික පිරිසක් ලේ පරීක්ෂා කරගෙන තිබෙන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි.
වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 44 දෙනෙකු මියගොස් තිබෙන බවත්, එය 2015 වසරට සාපේක්ෂව මරණ 10 ක ඉහළ යෑමක් බවත් එම වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතාසඳහන් කළේය.
2015 වසරේදී එච්.අයි.වී. ආසාදිතයන් 235 ක් වාර්තා වී තිබෙන බවත්, මේ අනුව පසුගිය වසරේ එම ප්‍රමාණය 15කින් ඉහළ ගොස් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
එහෙත් මෙම සංඛ්‍යාලේඛන ඉහළ ගොස් තිබෙන්නේ මීට අවුරුදු 10 - 15කට පෙර එච්.අයි.වී. ආසාදනය වී පසුගිය වසර වෙනතෙක් පරීක්ෂා කිරීම සිදු නොකරගත් රෝගීන් නිසා බවත්, අලුතින් එච්.අයි.වී. වැලඳීම සාපේක්ෂ ලෙස අඩුවීමක් දක්නට ලැබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
මුල් අවස්ථාවේ එච්.අයි.වී. ආසාදිත වී ඇති බවට සොයාගැනීමට හැකි වුවහොත් ප්‍රතිකාර මගින් රෝගය පාලනය කළ හැකි බවත්, මේ නිසා එම පුද්ගලයාට සාමාන්‍ය ලෙස ජීවිතය ගෙවාදැමීමට හැකියාව තිබෙන බවත් සිසිර ලියනගේ මහතා පවසා සිටියේය.
මේ නිසා සෑම කෙනෙකුටම හැකියාවක් තිබෙනවා නම් ළඟම පිහිටි රෝහලට ගොස් ලේ පරීක්ෂාවක් සිදුකර ගන්නාලෙසත්, එහිදී සියලුම දෙනාගේ රහස්‍යභාවය සුරකින බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
එවැනි පරීක්ෂා කිරීම් සිදුකර ගතහොත් මෙම රෝගය රටින් තුරන් කිරීමටහැකියාව ලැබෙන බවද හෙතෙම කියා සිටියේය.