2016දී ගිනි අවි 453ක් අත්අඩංගුවට
2016 වසර තුළදී පොලීසිය විසින් සිදුකළ වැටලීම් වලදී විවිධ වර්ගයේ ගිනි අවි 453ක්, අත්බෝම්බ 280ක් හා උණ්ඩ 2893ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගිනි අවි සමග සැකකරුවන් 434 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, අත්අඩංගුවට ගත් ගිනි අවි වලින් 284ක් අභය භූමි හා ආරක්ෂිත කැලෑවල බඳින ලද තුවක්කු බවද පොලීසිය සඳහන් කරයි.
බඳින තුවක්කු 284න් 67ක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ තංගල්ල කොට්ඨාසයෙන් වන අතර, අත්අඩංගුවට ගත් ගිනි අවි වලින් බහුතරයක් මනුෂ්‍ය ඝාතන සිදුකිරීමේ අරමුණින් සංවිධානාත්මක අපරාධ කල්ලි අත සංසරණය වූ ඒවා බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන තිබෙනා ගිනි අවි වලින් 56 ක් ටී-56 ගිනි අවි බවත්, 80 ක් ස්වයංක්‍රීය පිස්තෝල හා රිපීටර් 04 ක්, බෝර 12ක්, තුවක්කු 60 ක්ද ඇතුළත් වේ.
අනවසර ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත්, සැකකටයුතු ගිනි අවි සම්බන්ධයෙන් 0112451354, 0112 451397 දුරකථන අංකවලට දැනුම් දිය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
