සියලු සිනමා ශාලා එළඹෙන වසරේ මාර්තු 31වැනි දිනට ප්‍රථම ඩිජිටල්කරණය කිරීමට සිනමා ශාලා හිමියන් දැනුවත් කොට ඇතැයි ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ චිත්‍රපට සංස්ථාවේ එකතුවී ඇති ප්‍රදර්ශනය නොකළ සිනමා පටවල අධ්යක්ෂවරුන් සමග ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදීය.
මේ වන විට සිනමා ශාලා 20ක් පමණ ඩිජිටල්කරණය කොට ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.