2015 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට තම කණ්ඩායම සූදානම් බව ශ්රී ලංකා කණඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ වෙබ් අඩවියට පවසා තිබේ.ලෝක කුසලානයට තව දින 100 යන විශේෂාංගයට එක්වෙමින් මැතිව්ස් මෙම අදහස් ප්රකාශ කළ බව අයි.සී.සී. වෙබ් අඩවිය අද (06දා) වාර්තා කළේය.
එසේම ලෝක කුසලායක් දිනාගැනීම සෑම ක්රීඩකයෙකුගේම සිහිනයක් බවත් 2011 වසරේ පැවැති ලෝක කුසලානය තරගාවලියේදී අනුශූරයන් වූ තිත්ත මෙන්ම රසවත් මතකයන් පවතින බවත් හෙතෙම මෙහිදී සඳහන් කර තිබේ.
"ශ්රී ලංකා කණ්ඩායමේ අනෙක් ක්රීඩකයන් මෙන් මටත් ලෝක කුසලානයේ ආරම්භය තෙක් බලාහිඳින්න බෑ. හැම ක්රීඩකයෙක්ම ලෝක කුසලාන ජයග්රහණයක් ගැන සිහින මවනවා. නවසීලන්තයත් සමග පැවැත්වෙන තරගය අපි පූර්ණ වශයෙන් සූදානම් වෙමින් ඉන්නවා. අපි ලෝක කුසලාන අභියෝගයට සූදානම්" යනුවෙන් මැතිව්ස් සඳහන් කරයි.
.