2015 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ගැන පරිපාලන සේවයේ අදහස් ජනපති හමුවට
2015 වසරේ අයවැය යෝජනා සාර්ථක කරගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සියලුම නිලධාරීන් ලබන 26 වැනි දින ප.ව. 3.30ට කොළඹ 07, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගශාලාවට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කැඳවා ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
2015 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පරිපාලන සේවයේ නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමටත්, අයවැයෙන් ජනතාවට හිමි වරප්‍රසාද ලබාදෙන ආකාරය පිළිබඳව විධිමත් වැඩපිළිවෙළක් සැකසීම සඳහාත් මෙම හමුව සංවිධානය කර ඇති බව කියැවෙයි.
මෙම සාකච්ඡාවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර හා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පී.බී. අබේකෝන් මහත්වරුද සහභාගීවීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
