2014 වසරේ දෙසැම්බර් මාසයට සාපෙක්ෂව 2015 වසරේ දෙසැම්බර් මාසයේ මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් හා සොරකම් අවම වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
දෙසැම්බර් මාසයේ වාර්තා වූ සොරකම් 160න් 107ක්ම වාහන සොරකම් බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. දෙසැම්බර් මාසයේ වාර්තා වී ඇති ඝාතන බොහෝමයක් ක්ෂණික කෝපය හේතුවෙන් වී තිබෙන බවත් එම නිවේදනයේ වෙයි.