කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දත්ත ලබාගැනීම සඳහා ගොන්ගල කන්දේ ස්ථාපිත කළ අධි සන්නිවේදන තාක්ෂණික පද්ධතියේ ඩොප්ලර් රේඩාර් (Doppler) වැඩ කටයුතු අවසන් කිරීමට කටයුතු නොකිරීම නිසා එම පද්ධතියටම අයත් යන්ත්‍ර සූත්‍ර විනාශවී යමින් තිබෙන බව වාර්තා වෙයි.
මෙම රේඩාර් පද්ධතියේ වටිනාකම රුපියල් මිලියන 400කට අධික බව ප්‍රකාශ වේ. 2011 වසරේදී ශ්‍රී ලංකාවට ගෙන්වන ලද මෙම රේඩාර් පද්ධතිය 2012 වසරේ දෙසැම්බර් වනවිටදී ස්ථාපිත කර, දත්ත ලබාගැනීමේ කටයුතු අරම්භ වීමට නියමිතව තිබුණි. එහෙත් එම රේඩාර් පද්ධතිය පිහිටුවීම ගත් උත්සාහයන් වැළක්වී ගිය අතර, එය පසුවට කල්තැබිණි.
එම පද්ධතිය තුළින් පුත්ලම සිට හම්බන්තොට දක්වා ප්‍රදේශයට දත්ත ලබාගැනීමට හැකි ආකාරයට සකස් කර තිබිණි.
මේ තුළින් එම ප්‍රදේශ තුළ සිදුවන කාලගුණ වෙනස්කම් පිළිබඳව තොරතුරු ලබාගැනීමට හැකියාවක් ලැබෙන අතර, මෙහි උපකරණ සහ උපකරණ සවිකිරීමේ කටයුත්ත සිදුකරනු ලැබූවේ ඇමෙරිකානු සමාගමක් විසිනි.
එහෙත් එම සමාගම යන්ත්‍රය සවිකළ පසු සිදුකළ යුතු අනෙකුත් තාක්ෂණික කටයුතු නිසියාකාරව සිදු නොකිරීම නිසා තවමත් මෙය ක්‍රියාත්මක කරගැනීමට නොහැකිවී තිබේ.
මේනිසා යන්ත්‍ර සූත්‍ර දැඩි විනාශයට ලක්වෙමින් තිබෙන බවත්, එය නැවත යාථා තත්ත්වයට පත් කරගැනීම නොහැකි ආකාරයට අබලන් වී තිබෙන බවද වාර්තා වෙයි.
මේ පිළිබඳව 'අද' කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතාගෙන් කළ විසීමකදී, ඒ මහතා සඳහන් කළේ, අදාළ යන්ත්‍ර සූත්‍ර කන්ද මුදුනට ගෙනයාමේදී ඇතිවූ ගැටලු නිසා සහ ඉදිකිරීම්වල සිදුවූ ප්‍රමාදයන් නිසා තවමත් මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කරගැනීමට නොහැකිවූ බවත්ය.
රුපියල් මිලියන 200කට වැඩි වටිනාකමකින් යුත් මෙම යන්ත්‍ර සූත්‍ර විනාශ වී නොමැති බවත්, ඉදිරි මාස දෙක තුනක කාලය තුළදී මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සකස් කරමින් තිබෙන බවද අධ්යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේය.
මෙම යන්ත්‍ර සුත්‍ර සවිකිරීම අවසන් කර තිබෙන බවත් එහි සිදු කීරිමට තිබෙන්නේ තාක්ෂණික ගැටළු කිහිපයක් විසදා ගැනීමට ද බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.