මෙරටට ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක කමිටුවක් පත්කරන්නේනම් 2009 සිට ගල්අඟුරු ගෙන ඒම සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒසඳහා තමන් සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවත්, ගල්අඟුරු ගෙන්වීමේදී කටයුතු කර ඇති දේශීය නියෝජිතයන් සහ ඔවුන් පිටුපස සිටි පුද්ගලයන් පිළිබඳවද එමගින් රටට හෙළිකළ යුතු බවත් අමාත්‍යවරයා පැවසූයේ අද (14දා) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
මේවනවිට කතාබහට ලක්වන ගල්අඟුරු ටෙන්ඩරය ලබාදෙන අවස්ථාවේ තමා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස කටයුතු නොකළ අතර, ඒසම්බන්ධයෙන් සිදුකරන අසත්‍ය ප්‍රකාශ තමන් ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍යවරයා කීය.
තමා අමාත්‍යවරයාව සිටි කාලය තුළ විදුලිබල මණ්ඩලය බිලියන ගණනින් ලාභ ලබන ආයතනයක් බවට පත්කළ අතර, පාඩුවන කිසිදු දෙයක් සිදු නොකළේයැයිද පැවසීය.
පසුගිය ආණ්ඩුව ගල්අඟුරු මාෆියාවන් ක්‍රියාත්මක කළ බචත්,‘ තමා යෝජනා කළ ක්ෂණික ටෙන්ඩර් ක්‍රමය හේතුවෙන් ගල්අඟුරු මිලදී ගැනීම ලාභදායී වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
තම ප්‍රතිපත්තිය විචේනය කිරීමට නොහැකි තැන ප්රතිවිරුද්ධවාදීන් මඩ ප්‍රහාර එල්ල කරන බවත්, නමුදු එම කිසිදු මඩ ප්‍රහාරයකට තමා වැට්ටීමට නොහැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකළේය.