රථවාහන වැරැද්දකට අධිකරණයේ නඩු නොපවරන බව කියමින්, රියදුරෙකුගෙන් රුපියල් දෙදහසක මුදලක් බලහත්කාරයෙන් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු රුපියල් ලක්ෂය බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදාහරින ලෙස අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රියදර්ශනී කාරියවසම් මහත්මිය ඊයේ (21දා) නියෝග කළාය.
උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරන ලෙස නියෝගකර තිබිණි.ඒ අනුව අනුරාධපුර මූලස්ථාන පොලීසියවිසින් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.