20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට රැගෙන යාමට කිසිදු තාර්කික පදනමක් නොමැති බව කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සම්මේලනය පෙන්වා දෙන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්ත සැබෑ ජනතාවගේ හෘද සාක්ෂිය අවශ්යෙයන්ම නියොජනය නොකරන බවය.
මේ හේතුවෙන් සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් ලෙස එකි වි සමාජයීය සුපළිපන්නභාවයෙන් යුත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමට පියවර ගත යුතු බවට අදාළ නිවේදන මගින් යෝජනා කර තිබේ.
රදගුරු සම්මේලනය පෙන්වා දෙන්නේ එලෙ සකස් කෙරෙන ව්‍යවස්ථා විවිධ අර්ථකථන දිය නොහැකි ආකාරයෙන් අඩුපාඩුවලින් තොරව සකස් කළ යුතු බවටය.
ව්‍යවස්ථාවක් සංශෝධනයක් වුවද නව ව්‍යවස්ථාවක් වුවච සකස් කළ යුත්තේ ජනතාවගේ ස්වෛරිභාවය ආරක්ෂා වන අකාරයෙන් බව එහි දැක්වේ.
