යෝජිත නව මැතිවරණ ක්‍රමය ඇතුළත් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 151 දෙනෙකු කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.
මේ නිසා යෝජිත නව මැතිවරණ ක්‍රමයට එක්සත් ජාතික පක්ෂයේ සහාය නොමැතිව වුවද තුනෙන් දෙකේ බලයකින් සම්මත කරගැනීමට හැකියාව ලැබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු සඳහන් කරති.
පෙරේදා රාත්‍රී (27දා) පැවරති කැබිනට් මණ්ඩල රැස්වීමේදී යෝජිත නව මැතිවරණ ක්‍රමයට කැබිනට් අනුමැතිය ලබාගැනීමට සැලසුම් කළත් සුළු දේශපාලන පක්ෂ දෙකක් නියෝජනය කරන අමාත්‍යවරුන් දෙදෙනෙකු මන්ත්‍රීධුර ප්‍රමාණය සහ වෙනත් ගැටලු කිහිපයක් ඉදිරිපත් කිරීම නිසා පක්ෂ නායකයන් සමග තවත් වරක් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
ඉදිරි දින කිහිපය තුළ පක්ෂ සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගෙන ඉදිරි පාර්ලිමේන්තු රැස්වීමේදී යෝජිත නව මැතිවරණ ක්‍රමය පිළිබඳ කෙටුම්පත ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
යෝජිත නව මැතිවරණ ක්‍රමයට මන්ත්‍රීවරුන් 151 දෙනෙකුගේ කැමැත්ත ලබාදී තිබෙන නිසා ඉතා ඉක්මනින් මෙය සම්මත කරගැනීමට හැකිවන බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු එය සම්මත කර ගැනීම වැළැක්වීමට උත්සාහ කළත් එම උත්සහායන් ව්‍යර්ථ වී යන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.