මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සදහා ඉදිරිපත් කොට ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙවර කැබිනට් මණ්ඩලයේ දී අවසන් සංශෝධනයන්ට යටත් කොට හැකි ඉක්මනින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටී.
මනාප ක්‍රමය මගින් අන්ත දූෂිත තත්වයකට පත් කොට ඇති මෙරට දේශපාලන සංස්කෘතියේ වෙනසක් තහවුරු කෙරෙන මැතිවරණ ක්රමයේ සංශෝධන පරාජය කිරීම සදහා පාර්ලිමේන්තුවේ ඉතා සීමිත පිරිසක් කටයුතු කරමින් සිිටින බවත්, ඔවුන් අතුරින් බහුතරය විවිධ දූෂණ චෝදනා එල්ල වී ඇති කේවල ඡන්ද කොට්ඨාශ ක්‍රමයක් යටතේ කිසිදා පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි පිරිසක් බවත් කැෆේ සංවිධානය කියය.
අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට උත්සහ දරන්නේ ද ඉහත පිරිස බවවත්, මෙම තත්වය පරාජය කළ හැක්කේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කිරීම සදහා ජනපති සහ අගමැති ප්රමුඛ වත්මන් රජයේ කැපවීම ක්‍රියාවෙන්ම පෙන්වීම මගින් පමණක් බවත් කැෆේ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.