20 ගැන තවදුරටත් සාකච්ඡා
නව මැතිවරණ ක්‍රමය පිළිබඳව කැබිනට් අනුමැතිය ගැනීම සඳහා ඊයේ (27දා) රාත්‍රියේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී විවිධ පක්ෂ නියෝජනය කරන අමාත්‍යවරුන් යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කිරීම නිසා අග්‍රාමාත්‍යවරයා සහ පක්ෂ නායකයන් සමග නැවත වතාවක් සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
එයට හේතු වී තිබෙන්නේ නව මැතිවරණ ක්‍රමය තුළ පාර්ලිමේන්තුවට පත්වන්නේ මන්ත්‍රීවරුන් 225 ද එසේත් නොමැති නම් 255 ද යන්න ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමය. මේ අනුව ඒ පිළිබඳව අවසන් තීන්දුව ජනාධිපතිවරයා විසින් සිදුකර ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එසේම ඉදිරි පාර්ලිමේන්තු රැස්වීමේදී මුලින් ඉදිරිපත් කරන්නේ නව මැතිවරණ පිළිබඳ කෙටුම්පතද, එසේත් නොමැති නම් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවද යන කරුණ පිළිබඳ අවසන් තීන්දුව ගැනීමද කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දී තිබේ.
මෙම සියලු කරුණු අවසානයේ ඉදිරි දිනකදී නව මැතිවරණ ක්‍රමය පිළිබඳ කෙටුම්පත සකස් කර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

