20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ සහයෝගය එකහෙළා ලබාදීමට හැකියාවක් නොමැති බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා අද (24දා) සඳහන් කළේය.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, උතුරු පළාත් සභාව අද (24දා) යාපනය කයිතඩි පළාත් සභා සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා බලතල පාර්ලිමේන්තුව වෙත පවරා ගැනීමට සැරසෙන බවත්, මේ හේතුවෙන් අදාළ සංශෝධනය සම්බන්ධයෙන් පළාතේ ජනතාවගේ හා පළාත් මන්ත්‍රීවරුන්ගේ මතය විමසීමක්ද සිදුකළ යුතු බවත්ය.
ප්‍රධාන අමාත්‍යවරයා උතුරු පළාත් සභාවට මේ බව පැවසීමෙන් පසුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සැප්තැම්බර් 04 වැනිදා පළාත් සභාව කැඳවා මන්ත්‍රීවරුන්ගේ තීරණය ලබාගන්නා බව පළාත් සභා සභාපති සී.වී.කේ. ශිවඥානම් මහතා පවසා සිටියේය.