20 වැනි සංශෝදනය ආපසු හැරවීමට කටයුතු කළ යුතුයි
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සමාන්තරව වර්ථමානයේ ක්‍රියාත්මක නොවන බවත් 20 වැනි සංශෝදනය ආපසු හැරවීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
අගය මත බදු පනත යටතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනත යටතේ නියෝගයක් පිළිබද ඊයේ(05දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර අවස්ථාවාදීව දේශපාලනය සිදු කරන පුස්ගලයන්ට ජාත්‍යන්තර ප්‍රජාව දිනා ගැනීමට නොහැකි බව සඳහන් කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,
ජී.එස්.පී සහනය ගැන කතා කරන්න කැමතියි මම. අපිට යුරෝපා හවුලේ නිලධාරීන් හමු වුනා. ඔවුන් ලංකාවට එන්න කලින් ලංකාවේ තත්ත්වය මැනවින් අවබෝද කරගෙන ඇවිල්ලා තිබෙන්නේ පසුගිය අවුරුදු දෙක තුල ලංකාවේ තත්ත්වය. ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, නීතියේ උත්තරීතර බව නැතිවීම පිළිබඳ, සිවිල් අයිතිවාසිකාම් සීමා වීම ගැන ඔවුන් මනා අවබෝදයකින් ඉන්නවා. ඒ වෙලාවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලිව කිව්වා මොන ප්‍රශ්න තිබුනත් ජී.එස්.පී සහනය නැති කරන්න එපා කියලා. ඒ පිළිබද පැහැදිලි උත්තරයක් ඔවුන් දුන්නා. ඒ කණ්ඩායමේ නායකයා කිව්වා අපි දුර ඉදන් ලංකාවේ වෙන දේවල් බලාගෙන හිටියා. 2015 රජය මුල් කාලයේ ඉදිරිපත් කළ යෝජනා දිහා බැලුවාම ඔවුන් පුදුමයට පත්වුනා කියලා කිව්වා. අද මේ ලංකාවේ අලුත් සංස්කෘතියක් පටන්ගෙන තිබෙනවා පැමිණිල්ක් තිබෙන්න ඔ්නී කියලා. මේ 20 වැනි සංශෝදනය නිසා මේ රටේ තිබෙන සියලු ආයතන විධායක ජනාධිපතිවරයා යටතේ තිබෙන්නේ. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ කාලයේ ජී.එල් පීරිස් මහතා තමයි ස්වාධීන කොමිෂන් සභා ගෙනාවේ. ඉන්පසු ඔහු මහින්ද රාජපක්ෂත් සමග එකතුවෙලා 18 වැනි සංශෝදනය ගෙනල්ලා ස්වාධීන කොමිෂන් නැති කළා. අපි 19 වැනි සංශෝදනය ගෙනල්ලා නැවත වරක් ස්වාධීන කොමිෂන් ඇති කළා. බලතල බෙදා ගැනීම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මේ තුන සමාන්තරව යන්න ඔ්නී. එක් ආයතනයක් අනිත් ආයතනයට ඉහල නෑ. අද ඒක නෑ. ඉතින් 20 වැනි සංශෝදනය ආපසු හැරවිය යුතුයි. අවස්ථාවාදී දේශපාලනය කරන අයට ජාත්‍යන්තර ප්‍රජාව දිනා ගැනීමට බෑ. යනුවෙන්ද සඳහන් කළේය.
popular news
-
Kumar Tuesday, 05 October 2021 03:53 PM
dan siduwena dewal gana sithina wita lankawata yahapathak siduwennam JR ge anduwata kalin thibuna kramayata apasu yanna onay. Ewita siyaluma deshapaluwo thamange asanayata wadak nokeruwoth wisiwenawamayi. Dan thibena kramayata Kurunegalin pathvunata wadakaranne humbanthotata. Ethkota thamange asanaya dinaganna bari Ranil gedara.
Reply : 0 0
Lelwala Tuesday, 05 October 2021 04:46 PM
සුද්ද ගල විද්දෙ නැත්නම් මුට කවරදාවත් පාරලිමේන්තු යන්න වෙන්නෙ නැහ. සිංහලේ රජ සුද්දට අල්ලා දුන් හැතිතරේ. දැනටත් කරන්නෙ ඒ ටික මයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

