මුහුදු ප්‍රදේශවල හා ගොඩබිම තුළ මේ මස 20 වැනිදා දක්වා කාලය තුළදී සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම කාලය තුළදී මීගමුව සිට පුත්තලම, කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය විටන් විට පැයට කිලෝමීටර් 60 - 65ත් දක්වා ඉහළ යා හැකි බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේය.
සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවත්, මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යනවිට එම මුහුදු ප්‍ර‘දේශ රළු විය හැකි බවත් ඔහු කියා සිටියේය.

මේ නිසා ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයකින් කටයුතු කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 50 - 60 දක්වා ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවද කසුන් පැස්කුවෙල් මහතා පවසා සිටියේය.
බටහිර පැසිෆික් සාගරයේ ඇති වී තිබෙන අඩු පීඩන තත්ත්වය නිසා සුළඟේ වේගය ඉහළ යන බවද හෙතෙම සඳහන් කළේය.