20ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට අදාළව නීතිපතිට ඉදිරිපත් කළ කෙටුම්පත සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබේ.
ඒ අනුව එම සංශෝධනය පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකි බවද නීතිපතිවරයා සිය මතය ප්‍රකාශ කරමින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබේ.
popular news
-
Champa Wednesday, 02 September 2020 03:24 PM
නීතිපතිට එහෙම තීරණයක් දෙන්න බැහැ. ඒක තීරණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය!!!
Reply : 0 0
Champa Wednesday, 02 September 2020 04:12 PM
20 වෙනි සංශෝධනය ගේන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න බැරි බවට දැනට තියෙන වගන්තිය ඉවත් කරන්න. රටේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවයට හානියක් කරන්න ද්විත්ව පුරවැසියන්ට ඉඩ කඩ අහුරන මේ වගන්තිය වෙනස් කරන්න කිසි විටෙක ඉඩ නොදිය යුතුයි. එම්සීසී ගිවිසුම ගැන ජනාධිපතිවරයාගේ යූ ටර්න් එකෙන් රටටම ඔප්පු වුනා ද්විත්ව පුරවැසියන්ගේ පක්ෂපාතිත්වය තියෙන්නේ විදේශ රටට බවට. විදේශ රටක පුරවැසියෙක් වෙන්න ඉස්සෙල්ල ලංකාවේ පුරවැසිභාවය ඉවත් කරගන්න ඕනේ. ලංකාවේ නීතිය හැටියටත් වෙන රටක පුරවැසිභාවය ලබපු ගමන් ලංකාවේ පුරවැසිභාවය අහෝසි වෙනවා. ඊට පස්සේ නැවත අයදුම් කරලා දෙවෙනි පුරවැසිභාවය විදිහට තමයි ලංකාවේ පුරවැසිභාවය ගන්නේ. ඒ කියන්නේ ලංකාවේ පුරවැසිභාවය උත්පත්තියෙන් එන පුරවැසිභාවයක් නෙමෙයි ලියාපදිංචි වීමෙන් ලැබුණු පුරවැසිභාවයක් වෙනවා. ද්විත්ව පුරවැසියන් විදේශ රටට මුල් තැන දෙන්න බැඳිලා ඉන්නවා. ලංකාවට ආදරේ නම් කවදාවත් වෙන රටක පුරවැසිභාවය ගන්නවද? අහන්න තියෙන පළමු ප්රශ්නය ඒක.
Reply : 0 0
Champa Wednesday, 02 September 2020 04:24 PM
2006 දී යුද්ධය පටන් ගත්ත වෙලාවේදී, ඇමරිකානු හමුදා නීත්‍යානුකූලව ලංකාවට ගොඩ බස්සන්න ඇමරිකාව ගෙනාපු උගුල තමයි ACSA ගිවිසුම. 2007දී ACSA ගිවිසුම අවුරුදු 10කට අත්සන් කරන්න සිද්ධ වුනේ ආරක්ෂක ලේකම් ගෝඨාභය සහ ආර්ථික කටයුතු ඇමති බැසිල් ඇමරිකන් පුරවැසියන් වීම නිසා. රටේ වාසනාවට ප්රභාකරන් ඉක්මනට විනාශ වුනා. නැත්නම් ඇමරිකන් හමුදාව ලංකාවට ගොඩ බහින්නේ 2009. ඇමරිකන් ගැත්තන් ගිවිසුමෙන් පාවා දුන්නු රට බේරා ගත්තේ හමුදාවේ තරුණ සෙබළු. මට මතකයි මහින්ද තුවාල වෙච්ච හමුදා සෙබළු බලන්න රෝහලට ගිහාම තරුණ සෙබලෙක් හැව්වා "සර්, යුද්ධය නතර කරනවා කියල පත්තරේ තිබුන. යුද්ධය නම් නතර කරන්න එපා" කියල. එතකොට මහින්ද කිව්වා "යුද්ධය ගැන තීරණ ගන්නේ මම. මම කීයටවත් යුද්ධය නතර කරන්නේ නැහැ" කියල. මහින්දගේ වචනේ නිසා හමුදාවේ තරුණයෝ තමන් මැරුණත් කමක් නැහැ කියල සටන් කරලා ප්රභාකරන් විනාශ කළා. සමහරු අහනව මේ ඇමරිකන් ගැත්ත ඉස්සර පාර්ලිමේන්තුවේ හිටිය. දැන් බැරි ඇයි කියල. ඉස්සර මිනිස්සු දැනගෙන හිටියේ නැහැ රට පාවා දෙන ගිවිසුමක් අත්සන් කරලා කියල. දැනගත්තේ 2017 ඇමරිකාව කිව්වහම. ඒ තරම් වංචනිකව අත්සන් කරලා තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

