ගෙවීගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2017 වසරේ දෙවැනි කාර්තුවේ රාජ්‍ය ආදායම 9%කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
2016 වසරේ දෙවැනි කාර්තුවේ රාජ්‍ය ආදායම දැක්වුණේ රුපියල් කෝටි 39,622ක් ලෙසනි. මෙම වසරේ දෙවැනි කාර්තුව තුළ එම ආදායම රුපියල් කෝටි 43,153ක් බවත්, ඒ අනුව රුපියල් කෝටි 3531ක රාජ්‍ය ආදායම් වැඩි වීමක් මෙම වසරේ දෙවැනි කාර්තුව තුළ සිදුව ඇති බවත් මුදල් අමාත්‍යාංශය කියයි.