1994 වසරේදී පාගමන් ගොස් ආණ්ඩු පෙරළීමක් සිදුවුවත්, එම ක්‍රියාව වර්තමානයට නොගැළපෙන බවත්, මේනිසා ඒකාබද්ධ විපක්ෂය පාගමනින් පක්ෂයට හෝ ආණ්ඩුවට කිසිදු බලපෑමක් නොමැති බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා සඳහන් කළේය.
පක්ෂයට විරුද්ධව කටයුතු කරන සියලුම දෙනා අනාගතයේ දවසක ද්‍රෝහීන්ගේ ලැයිස්තුවට එකතුවන බවද අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (28දා) දිනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන පා ගමන පිළිබඳව අදහස් දැක්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් 06 දෙනෙකු එක්ව මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.
ඡායාරූප ශමීර රාජපක්ෂ