1976 වසරෙන් පසුව ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කර නැති බව උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඉන්දියවේදී ඊයේ (10දා) සඳහන් කර තිබේ.
චෙන්නායි නුවරදී ඔහු පවසා ඇත්තේ මරණ දඬුවම ශ්‍රී ලංකා නීතියට ඇතුළත් වුවත් 1976 වසරේ සිට එය ක්‍රියාත්මක කර නැති බවයි.
ඉන්දීය ජාතිකයින් පස්දෙනෙකුට පසුගියදා ශ්‍රී ලංකාවේදී මරණ දඬුවම ලබාදුන් අතර ඔවුන්ගේ ඥාතීන් හමුවූ අවස්ථාවේදී මහ ඇමතිවරයා මේ බව සඳහන් කර තිබේ.
සී.වී. විග්නේෂ්වරන් මහතා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුද වෙයි.
ද හින්දු ඇසුරෙනි