රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට (1919) අදාළ සියලුම අන්තර්ගතයන් ඇතුලත් ජංගම දුරකථන යෙදවුමක් (mobile app) ළඟදීම ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ඒ අනුව 1919 - ජංගම දුරකථන අන්තර්ගතයන් ඇතුලත් යෙදවුම නොමිලේ ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව ඕනෑම පුද්ගලයෙකුට ලැබෙන බවත්, අතිරේක පිරිවැයකින් තොරව ඕනෑම අවස්ථාවක සිය ජංගම දුරකථනය තුළින්ම රාජ්‍ය ආයතනවලින් සපයන සේවා පිළිබඳ තොරතුරු හා උපදෙස් ලබාගැනීමට හැකිවන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරි රෙෂාන් දේවපුර මහතා පෙන්වා දෙයි.
මෙරට ජනගහනයට සාපේක්ෂව ජංගම දුරකථන භාවිතා වන ඉහළ ප්‍රතිශතය සැලකිල්ලට ගෙන 1919 ජංගම දුරකථන අන්තර්ගතයන් ඇතුළත් යෙදවුම ප්‍රකාශයට පත් කිරීමට ICTA ආයතනය තීරණය කර ඇත.
ඉදිරියේ දී රාජ්‍ය ආයතන වලින් ලබා ගන්නා සේවා සඳහා මුදල් ගෙවීමේ හැකියාවද 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මඟින්ම ලබාදීමට ICTA ආයතනය සැලසුම් කර තිබේ.