පාතමුල්ල පහත්බිම් ගංවතුරින් යටවීමට පිළියම් ලෙස එම පහත්බිම් ප්‍රදේශ වල ජීවත් වන පවුල් වෙත වෙනත් ස්ථානයක විකල්ප නිවාස ඉදිකර දීමටත්, බලපිටිය මෝයකට වැලි ඉවත් කිරීම වෙනුවෙන් ධීවර අමාත්‍යංශය යටතේ රුපියල් මිලියන 350 ක් වෙන්කරීමටත් රජයේ අවධානය යොමුවී තිබේ.
මාදුගග පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලුම ආයතන ඒකාබද්ධ කර විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ඇමති ගයන්ත කරුණාතිලක මහතා අදාල අංශ වෙත උපදෙස් ලබාදී ඇත.
බලපිටිය මාදුගඟ ආශ්රිත පැන නැගී ඇති පාරිසරික ගැටළු සහ ඒ හේතුවෙන් පාතගම ඇතුළු පහත් බිම් ගං වතුරින් යටවීම පිළිබද ජනතා ගැටළුව කලක සිට පවතින්නකි. මේ සම්බන්ධව පසුගිය වසරේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එම ප්‍රදේශ වෙත ගොස් ගැටළුව නිරීක්ෂණය කල අතර ඒ සම්බන්ධව ධීවර අමාත්‍යංශය බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අතැළු වගකිව යුතු රාජ්‍ය ආයතන සියල්ල සම්බන්ධ කර විශේෂ සාකච්ජාවක් පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධාන කාර්යාලයේදී පැවැත්විණි. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ජාව සදහා ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා ඇතුළු සියලු අංශ නියෝජනය කරන නිලධාරීහූ එක් විය.