මීගොඩ - කොටුව (190) හා හංවැල්ල - හෝමාගම (293) බස් මාර්ගයේ වාහන ගමනයට පනාගොඩ හංදියේදී බාධා එල්ල වී තිබේ. පනාගොඩ හංදියේ පිහිටි බෝධියේ ශාඛාවක් (අත්තක්) කඩා වැටීමෙන් මෙසේ වාහන ගමනයට බාධා එල්ල වී ඇත.
ඒ හේතුවෙන් තරමක වාහන තදබදයක්ද පවතී. පොලිසිය හා නගර සභාව එක්ව එම අතු ඉවත් කිරීමේ කටයුතු සිදුකරයි. අත්ත මාර්ගයෙන් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් මතට කඩා වැටි ඇති අතර එයින් මෝටර් රථයටද දැඩි හානි එල්ල වී තිබේ.