19 වැනි සංශෝධනය තුළ පැවති සාධනීය ලක්ෂණ කිසි ලෙසකින් ඉවත් නොකරන බව සම කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
19 වැනි සංශෝධනයෙන් ගෙන ආ ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 05ක් බවට පත් කිරීමේ වගන්තිය, ජනාධිපති ධුරය දෙවරක් පමණක් දැරීමේ සිමාව සම්බන්ධ යෝජනා, තොරතුරු දැනගැනීමේ පනත, විගණන කොමිෂන් සභා සහ ප්‍රසම්පාදන කොමිෂන් සභා වැනි යෝජනාවලට කිසිඳු හානියක් නොකරන බවත් 19 හරහා පැවති ගුණාත්මක නොවන මෙන්ම රටට හානිකර යෝජනා පමණක් වෙනස් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.