19 උගුලක් ඊට අතගසන ඕනෑම අයෙක් විනාශ වනවා
ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය උගුලක් බවත්, ඊට අත ගසන ඕනෑම අයෙකු විනාශ වන බවත් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කළ පසු එය අහෝසි කිරීමට යෑම මහා විනාශයක ආරම්භයක් බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (03දා) හමු වූ අවස්ථාවේදීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ජනතාව පීඩාවට පත් කිරීමක් යැයි පැවසූ වික්‍රමසිංහ මහතා එම සංශෝධනය තවදුරටත් පවත්වාගෙන යෑම ජනතා අපේක්ෂාව බවද සඳහන් කළේය.
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ විධායක ජනාධිපති ධුරයේ සියලු බලතල අහෝසි කිරීමට වුවද ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිර්ණායක අනුව එම සංශෝධනයේ යම් යම් වෙනස්කම් කිරීමට සිදු වූ බවද වික්‍රමසිංහ මහතා පැවසීය.
popular news
-
Deepal Nirosh Friday, 04 September 2020 02:50 PM
19 උගුලක් නම් ඊට අතතබන ඕනෑම අයෙක් විනාශ වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ විනාශකාරී 19 අහෝසි කළ යුතුමයි.
Reply : 0 3
janabala asamagi Sunday, 06 September 2020 05:16 PM
happoyi 19 ugulakma thama ahinsaka janthava mara damma sirisenata anndagena ravata madiyam raye gena 19 magin ohuvama vinasha karanna genapu ugulak nisa yu an piya vinasha una
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

