විශ්‍රාමික පොලිස්පතිවරයෙකු වු ආනා සෙනෙවිරත්න මහතා ඊයේ (26දා) සවස මාලඹේ පිහටි පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකදි අභාවප්‍රාප්ත වූ බව පොලීසිය කියයි.
ශ්‍රී ලංකා පොලිසියේ 19 වන පොලිස්පති ධූරයට පත් ආනා සෙවිරත්න මහතා 1982 වර්ෂයේ විශ්‍රාම ලැබිය. විශ්‍රාම ලබිමෙන් පසු ඔහු වසර කිහිපයක් මැලේසියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් ධූරය ද දරා ඇත.
1927 අප්‍රෙල් 20 වන දින ගමිපහ, හෙයියන්තුඩුවදී උපත ලබා ඇති ආනා සෙනෙවිරත්න මහතා මුලික අධ්‍යාපනය කොළඹ රාජකිය විද්‍යාලයෙන් ලබා එවකට ලංකා විශ්ව විද්‍යාලය වූ වර්තමාන කොළඹ විශ්ව විද්‍යාලයෙන් එල්.එල්.බි. උපාධිය හදාරා 1951 වර්ෂයේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් දෙපාර්තෙමින්තුවට එක්වූ ඇත. ඔහුගේ අවමංගල්‍ය උත්සවය 30 දා පැවැත්වීමට නියමිතය.