විධායක ජනපතිධුරයේ බලතල අඩුකරමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ කොන්දේසියක් ඉටු කරමින් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සඳහන් කළේය.
එහි මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ විධායක ජනපතිධුරයේ ඇති බෙදුම්වාදයට එරෙහි බලතල ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිම අයිතියක් නැති බවයි.
මේ හේතුවෙන් ජාතික ආරක්ෂාව බරපතළ ලෙස තර්ජනයට ලක්විය හැකි බවද මහලේකම්වරයා පෙන්වා දුන්නේය.
අද (17දා) පෙරවරුවේදී කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ මොහොතේදී රටට අත්‍යවශ්‍ය වී ඇත්තේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම නොව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බෙදුම්වාදී බලතල ඉවත් කිරීම බවයි.