නව ව්‍යවස්ථා සංශෝධනය නිවැරදි කර 19 වැනි සංශෝධනය ලෙස නිසි ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබෙන නිසා එය සම්මත කරගැනීම සහාය ලබාදෙන ලෙස ජාතික හෙළ උරුමය සියලුම පක්ෂවලින් ඉල්ලා සිටියි.
ඊයේ (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේ පෙර ඉදිරිපත් කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලු රාශියක් තිබූ බවත්, එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සකස් කර තිබෙන නිවැරදි කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙන බවත්ය. එම කෙටුම්පත එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොවන බවත්, මේ නිසා ජාතික හෙළ උරුමය ලෙස ඒ සඳහා සහයෝගය ලබාදෙන බවත් මහලේකම්වරයා සඳහන් කළේය. මේ නිසා මෙයට බාධා නොකර සියලු දෙනා ඊට සහයෝගය ලබාදිය යුතු බවත්, මේ නිසා ජනතාවට ද්‍රෝහී නොවී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා සහාය ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.