19 නිසා ජනපතිට ආරක්ෂ ඇමති වෙන්න බෑ - ඒක වැරැද්දක් - GL
19 වැනි ව්‍යවස්ථා සංශෝෂධනය අනුව ජනපතිට ආරක්ෂක ඇමති වීම තහනම් කර ඇති බවත් එය වැරැද්දක් බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ එම වැරැද්ද නිවැරදි කරන බවයි.
“19 සම්පූර්ණයෙන්ම ශාපයක්. යහපාලන ආණ්ඩුව යටතේ රනිල් වික්‍රමසිංහ මහතා වෙනම අනු කමිටුවක් හැදුවා ආර්ථික කටයුතු පිළිබඳ තීරණ ගැනීමට. තීරණ අරගෙන කැබිනට් මණ්ඩලය දැනුවත් කළා.
මේකෙන් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා කිසිසේත් සෑහීමකට පත්වුණේ නෑ. ජනපතිවරයා අගමැතිවරයාගේ කැබිනට් අනුකමිටුව අහෝසි කළා. ඒ වෙනුවට වෙනමම යන්ත්‍රණයක් ආදේශ කළා.
ආණ්ඩුවක් හදන්නේ ප්‍රධාන වශයෙන් රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට. ආණ්ඩුවේ විධායක ශාඛාවේ ප්‍රධානියා ජනපතිවරයයා. හැබැයි 19 වැනි සංශෝධනය නිසා තත්ත්වයක් ඇතිවුණා ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති වෙන්න බෑ ඒක තහනම් කළා. ඒක හරිද ඒක අපි සම්පූර්ණයෙන් ඉවත් කරනවා. මේ රටේ ජනපතිවරය ආරක්ෂක ඇමති විය යුතුයි”
එසේම උප අගමැතිධුරයක් පිළිබඳව සාකච්ඡාවක් ඇතිව නොමැති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.
popular news
-
Wimal Monday, 24 August 2020 03:29 PM
Make. Pm the minister of defence you slow learner. It’s a silly excuse to amend the 19a.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

