දැනුම මුල්කරගත් නවෝත්පාදන ආර්ථීකයක් සමඟ රටේ ජාතික ආර්ථීකය ගොඩනැඟීම රජයේ ප්රමුඛ වගකීමක් ලෙස හඳුනාගෙන කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය .
ඒ සඳහා වේගවත් ගමනක් යා නොහැකි අතර ඉතා සැළසුම්සහගත සහ ක්රමානුකූල වැඩපිළිවෙළක් ඔස්සේ රජය කටයුතු කරමින් සිටින බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලද්දේ අද (13) පෙරවරුවේ අනුරාධපුර, ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේ පැවති කාන්තා ගොවි සම්මේලනය අමතමිනි.
කෘෂිකර්මාන්තය ජීවනෝපාය කර ගත් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් සියලූ කෘෂිකාර්මික ඉඩම් තිරසර සංවර්ධනයට අදාළව ගම්මාන මට්ටමෙන් මනා ලෙස සංවර්ධනය කොට පවත්වාගෙන යාම සඳහාත් කාන්තා සහභාගිත්වය ලබා ගැනීමේ අරමුණින් මෙම ගොවි සම්මේලනය සංවිධානය කර තිබුණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ රටේ ජාතික ආර්ථීකයේ පදනම වී තිබෙන්නේ දිරිය දියණියන්ගේ සහ දිරිය කාන්තාවන්ගේ ශක්තිය බවයි. නව තාක්ෂණය සමඟ ඉදිරියට යන රටක් ලෙස එය වෙනස් විය යුතු බව පෙන්වා දුන් ජනාධිපති සිරිසේන මහතා ගෘහයේ සිට සියලූ අංශවල දැනුම මුල්කරගත් නවෝත්පාදන ආර්ථීකයක් සමඟ රට ඉදිරියට ගෙන යා යුතු බවද සඳහන් කළේය.
ප්‍රදේශයේ මහා සංඝරත්නය ප්රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍යවරුන්වන දුමින්ද දිසානායක, පී.හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ද, ගොවි සංගම් නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.