ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්රාමාත්ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 57 වැනි ගුණ සමරුව හෙට (26දා) හොරගොල්ල බණ්ඩාරනායක සමාධියේ අසල දී පැවැත්වීමට නියමිතය.
මෙවර ද බණ්ඩාරනායක පවුලේ සාමාජිකයන්, ආගමික නායකයන් ප්රමුඛ විවිධ දේශපාලන පක්ෂවල නායකයන් සහ පොදු ජනතාවගේ සහභාගිත්වයෙන් මෙම ගුණ සමරුව සිදු කෙරේ.
ගුණ සැමරුම් උත්සවයේදී ලොව ප්රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ සහ එම දෙපළගේ පුත් අනුර බණ්ඩාරනායක මහතාගේ ද ගුණ සැමරීමට කටයුතු යොදා ඇත.