අත්අඩංගුවට ගන්නා ලද දහහත් හැවිරිදි තරුණයෙකු අද (11දා) උදෑසන පිටකොටුව පොලීසියේ සිරමැදිරිය තුළ සියදිවි හානිකර ගෙන තිබේ.
හපුතලේ ප්රදේශයේ පුද්ගලයෙකු වන අදාළ තරුණයා ඊයේ (10දා) උදෑසන ගංජා ළඟ තබා ගැනීම හේතුවෙන් බැස්ටියන් මාවතේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මරණකරු ඔහු ඇඳ සිටි කමිසය ආධාරයෙන් සිරමැදිරිය තුළ ගෙල වැලලාගෙන සිටි බව පොලීසිය පවසයි.
මෘතදේහය දැනට කොළඹ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.