17 සංශෝධනය සම්පූර්ණයෙන්ම වැරදි එකක්
දහහත්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම වැරදි එකක් බවත්, ඉන් නිලධාරීන් පිරිසකට බලය පැවරෙනවා හැර මහජනතාවට වන සේවයක් නොමැති බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
එබැවින් සුළු සුළු පැලැස්තර විසඳුම් නොව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය වී ඇති බවත්, එය එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් යටතේ සිදුකරන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (11දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ජනතාවගේ කැමැත්තෙන් තොරව ඇති කළ එකක්. එහෙම එකක් තියෙන්න දෙන්න පුළුවන්ද? බෑ. ඒකෙන් තනිකරම නිලධාරීන් පිරිසකට බලය පැවරීමක් සිද්ධ වෙනවා. බලන්න ඉන්දියාවේ නිලධාරීවාදය නිසා කක්කුස්සි ටිකවත් හරියට හදාගන්න බැරිවුණා. කුණු ප්රශ්නය විසඳගන්න බැරිවුණා. අද ඒ රටේ පාරක බැහැලා යන්න බෑ ගඳ ගහනවා.
'17 වැනි සංශෝධනය නොවෙයි ලංකාවට ඕන කරන්නෙ. සම්පූර්ණ ව්‍යවස්ථා වෙනසක් සිදුකිරීමයි කළ යුත්තෙ. 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් වැරදියි. ඒක ඔය කියන තරම් සුන්දර නෑ' යැයි ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියේය'
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

