මධ්‍යම ලේ බැංකුව තුළ ක්‍රියාත්මක වන වෛද්‍ය වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්, තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ලබන 17 වැනිදායින් පසු සමස්ත රෝහල් තුළ වෛද්‍ය වැඩවර්ජනයක් සිදුකරන බවත් රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මධ්‍යම ලේ බැංකුවේ වැඩ බලන අධ්යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව ඊයේ (09දා) මධ්‍යම ලේ බැංකුව තුළ වැඩවර්ජනයක් සිදුකළ බවත්, බලධාරීන්ගෙන් එයට ප්‍රතිචාර නොමැති බැවින් අඛණ්ඩව වැඩවර්ජනය සිදුකරන බවත්එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන්කළේය.
මෙම සතිය තුළ වැඩ බලන අධ්යක්ෂවරයා ඉවත් නොකළොත් ප්‍රා‘දේශීය ලේ එකතු කරන මධ්‍යස්ථානවල සේවයෙන්ද වෛද්‍යවරුන් ඉවත්වන බව හෙතෙම පවසා සිටියේය.
මධ්‍යම ලේ බැංකුව තුළ සිදුකරන වෛද්‍ය වැඩවර්ජනය මෙම සතිය තුළ ක්‍රියාත්මක කළහොත් ලේ හිඟයක් පවා ඇතිවිය හැකි බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
ඊයේ (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ වෛද්‍ය නවින්ද සොයිසා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, වෛද්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම, ස්ථාන මාරු ක්‍රමවේදය නිවැරදිව ක්‍රියාත්මක නොකිරීම හා වෛද්‍යවරුන්ට හිමි ඩැට් (Dat) දීමනාව ලබා නොදීම ඇතුළු ගැටලු 10ක් මූලික කර ගනිමින් ලබන 17 වැනිදායින් පසු ඕනෑම දිනයක වෛද්‍ය වර්ජනයක් ආරම්භ කරන බවයි.
