දෙමෝදර - හාලිඇල දුම්රිය ස්ථාන අතර 174/45 සැතපුම් කණුව අසලදී විශාල ගල් පර්වතයක් සමග පස් කඳු දුම්රිය මාර්ගයට කඩා වැටීමෙන් අද (28 දා) බදුල්ල සහ කොළඹ අතර දුම්රිය ධාවනයට බාධා සිදුව තිබිණි.
අලුයම දුම්රිය මාර්ගයට මෙම පස් කඳු හා ගල් පර්වත කඩා වැටී තිබූ අතර, මේ හේතුවෙන් අද පෙරවරුවේ බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා යාමට තිබූ දුම්රිය කිහිපයක් ධාවනය නොවීය.
ඒ අනුව බණ්ඩාරවෙල හා කොළඹ අතර පමණක් දුම්රිය ධාවනය සිදු වෙයි.
පාලිත ආරියවංශ/ ඇල්ල ඒ. ගමගේ