උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දෙලක්ෂ පනස් තුන්දහස් හාරසිය අසූ තුනක ප්‍රමාණයෙන් එක්ලක්ෂ හැටතුන්දහස් එකසිය හතරක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.විභාග නීතිරීති උල්ලංඝනය කිරීම යටතේ අයදුම්කරුවන් 205 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.ඊයේ (28දා) නිකුත් කළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණය කිරීමක් අවශ්‍ය නම් ඒ සඳහා ජනවාරි 15 වැනි දිනට පෙර අයදුම් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.පාසල් අයදුම්කරුවන්ට අදාළ නැවත සමීක්ෂණ අයදුම් පත් ඉදිරියේදී විදුහල්පතිවරුන්ට ලබාදෙන බවත්, පෞද්ගලික අයදුම්කරුවන්ට අදාළ ආදර්ශ අයදුම් පත් ජාතික පුවත්පත්වල ඉදිරියේදී පළ කරන බවත් විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.