ජනාතාව පැත්තෙන් තීන්දු තීරණ ගන්නා ජනතාව කේන්ද්‍ර කරගත් ශක්තිමත් රජයක් එළඹෙන 16 වෙනිදා නිර්මාණය වන බව, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ පොතුවිල්, අඩ්ඩාලාචෙනෙයි පොදු ක්‍රීඩාංගණයේ පැවති ජන රැළියට ඊයේ (09) දින එක්වෙමිනි.
මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබන්නේ මහ පොළවට පය ගසා ජීවත්වන දුගී දුප්පත් අසරණ ග්‍රාමීය හා නාගරික ජනතාව බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ අපේ රට එක්සේසත් වු ඒකීය ශ්‍රී ලංකාව තුළ රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් ජනතා පරමාධිපත්‍යයට මුල්තැන ලබා දෙන ශක්තිමත් රාජ්‍යයක් තමන්ගේ නව ගමන තුළින් නිර්මාණය කරන බවයි.