කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් 157,844ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ආසාදිත මරණ සංඛ්‍යාව 3,904ක් වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මේ අතරින් පුද්ගලයන් 80,844 දෙනෙකු ආසාදිතයන් ලෙස චීනයෙන් වාර්තා වන අතර, චීනයේ මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති නිසා හුබෙයි පළාතෙන් පමණක් රෝගීන් සුළු පිරිසක් වාර්තා වෙයි.
කෙසේ වෙතත්, ලෝකයේ සෙසු රාජ්‍යයන්හි ආසාදිත සංඛ්‍යාව ඊයේ දිනය නිමාවන විට 77,000 ඉක්මවා තිබුණු අතර, එය අද දිනය වනවිට චීනයේ අගය ඉක්මවා යනු ඇති බව විශේෂඥ මතය වී තිබේ.
එමෙන්ම මේ වනවිට චීනයේ ආසාදිතයන්ගෙන් 67,000කට වැඩි පිරිසක් රෝගය සුව වී නිවෙස් බලා ගමන් කර ඇත.