සභික සංඛ්‍යාව සභික ගැසට් නිවේදන නිකුත් වී තිබෙන නිසා මේ මස 15 වැනි දින සිට දින 75 ක් තුළ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීම ස්ථිර බව මැතිවරණ කොමිෂන්සභාව සඳහන් කරයි.
මැතිවරණය පැවැත්වීමට අදාළ සියලුම කටයුතු හෙට (13දා) දිනය තුළදී අවසන් වීමට නියමිත බවත්, මේ නිසා මැතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාව සූදානම් බවද එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.