බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අප රටේ පොලිස් සේවය 1866 සැප්තැම්බර් මස 03 වන දින ව්‍යවස්ථාපිතව පිහිටුවන ලදී. ඒ අනුව ප්‍රතිෂ්ඨාපිත පොලිස් බළකායේ ප්‍රථම පොලිස්පති වූයේ බ්‍රිතාන්‍ය ජාතික පී.ඩබ්.ආර් කැම්බල් මහතා වන අතර වර්තමාන පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා 33 වන පොලිස්පතිවරයා වේ.
පොලිස් (POLIS) යන වචනය ප්‍රථමයෙන් නිර්මාණය වී ඇත්තේ ප්‍රංශ ශබ්ද කෝෂයෙනි. එහි අර්ථය සිවිල් පරිපාලනයේ ආරක්ෂකයා යන්නයි. අභ්‍යන්තර යුද්ධයක් නොමැති සිවිල් පරිපාලනය සහිත රටක පොලීසිය තරම් අභියෝගවලට මුහුණදෙන වෙනත් ආයතනයක් නොමැත.
අවුරුදු 30 ක යුද්ධයෙන් පසු සිවිල් පරිපාලනය ස්ථාපිත වී ඇති පශ්වාත් යුධ සමයේ ශ්‍රී ලංකා පොලීසියටද අභියෝග රැසකට මුහුණුදීමට සිදුවී ඇත. පොලිස් සේවයේ ආරම්භයේ සිට අද දක්වා. ස්වකීය රාජකාරි ඉටුකිරීමේදී පොලිස් නිලධාරීන් 317 දෙනෙකු තම ජීවිත පරිත්‍යාග කර ඇත.
අතීතයේදී, වර්තමානයේ මෙන්ම අනාගතයේදීද ඔබ වෙනුවෙන් මහජන සේවකයන් ලෙස ඔබගේ ජීවිත හා දේපළ ආරක්ෂා කරන්නට, මාර්ග ආරක්ෂාව තහවුරු කරන්නට, අපරාධ. අනතුරු හා මතින් තොර ලංකාවක් බිහි කරන්නට “ නොනිමි මෙහෙවරක* නියුතු වන අපි ඒ සඳහා දිවි හිමියෙන් කැප වන බවට ප්‍රතිඥා දෙන්නෙමු යන්න 148 වන පොලිස් දිනයේ තේමාව වී ඇත.