අද (11දා) සිට එළැඹෙන 14 දා දක්වා වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වලට සවස 2 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, සබරගමුව පළාතේ හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව ඔවුහු පෙන්වා දෙති.
විශේෂයෙන්ම නැගෙනහිර පළාත, ගාල්ල, මාතර, රත්නපුර, මුලතිව්, පොලොන්නරුව යන දිස්ත්රක්කවලටත් මිලි මීටර් 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවත් අද (11දා) පෙරවරුවේ නිකුත් වූ කාලගුණ අනාවැකියේ වෙයි.