කෑගල්ල දිස්ත්‍රික්කය තුළ දක්නට ලැබෙන මාර්ග තදබදය සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙසවිදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා අදාළ අංශ වලට උපදෙස් දී තිබේ.
ඊයේ (21) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත.
කෑගල්ල දිස්ත්‍රික් ජනතාවට දෛනිකව මුහුණදීමට සිදුවන ගැටලු වලට කඩිනම් විසඳුම් ලබාදෙමින්, ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම වෙනුවෙන් යටිතල පහසුකම් නගාසිටුවීමට කඩිනම් පියවර ගන්නා ලෙසටත් අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.