උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල එළැඹෙන 13 දායින් පසුව සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට (12දා) දිනයේදී මධ්‍යම කඳුකරය හරහා විටින් විට හමන තරමක් තද සුළං තවදුරටත් බලාපොරොත්තුවිය හැකි බවත් අද (11දා) ප.ව. 4.00ට හෙට (12දා) වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
හෙට දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ යාපනය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.