ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන සිකුරාදා (13දා) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය. එහිදී පස්වරු 2.30 සිට ඔහු සිය කතාව පවත්වනු ඇත. ඉන් අනතුරුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහත්වරුන් සිය කතා පවත්වනු ඇත.
ඉන් පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සමරු පොතේ සිය අත්සන තැබීමට හා කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් පවත්වන තේ පැන් සංග්‍රහයටද මෝදි අග්‍රාමාත්‍යවරයා සහභාගී වීමට නියමිතය.
සිය ශ්‍රී ලංකා සංචාරය තුළ යාපන ප්‍රදේශයේ ද ඒ මහතා සංචාරයක නිරතවීමට නියමිතය. ඒ අතර වාරයේ ඔහු අනුරාධපුරයේ හා මන්නාරම ප්රදේශවලටද ගමන් කිරීමට නියමිතය.