බස්රථ සේවාවට ඇතිවී තිබෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම මස 12දා මධ්‍යම රාත්‍රී 12 සිට අඛණ්ඩ බස්රථ වර්ජනයක් සිදුකරන බව අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව මේ මස 10 වැනි දින සිදුවන ඩීසල් මිල සංශෝධනයේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 10කට වැඩිය ඉහළ ගියහොත් අවම ගාස්තුව ඇතුළත්ව බස්ගාස්තු ඉහළ දමන බවද සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කළේය.
ඩීසල් මිල රුපියල් 5ත් 10ත් අතර මුදලකින් ඉහළ ගියහොත් අවම ගාස්තුව හැර සෙසු ගාස්තු ඉහළ දමන බවද අද (06දා) බස් සංගම් එකමුතුව පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසා සිටියේය.