අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය යෙදෙන අප්‍රේල් මස 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ.
අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පියවර ගනු ලැබීය.
මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පිළිබඳව අද (08දා) පස්වරුවේ මහනුවරදී රාජ්‍ය ආයතන උසස් නිලධාරීන් හා අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි. මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට එහිදී තීරණය විය.
ඒ අනුව එදිනට සියලු නිවාස ඉදිරිපිට ජාතික ධජය අඩකුඹු කර තබන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එසේම සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිටද ජාතික ධජය අඩකුඹු කරන ලෙස එහි ප්‍රධානීන්ට දැනුම් දෙන අතර, ඊට අදාළ චක්‍ර‘ලේඛය හෙට නිකුත් කෙරෙනු ඇත. එසේම ලබන 12 වැනිදාට යෙදෙන ජාතික ශෝක දිනයේදී සියලු සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස්වරයා හරහා අවශ්‍ය විධිවිධාන යොදන බවද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.