තමන් නීතියට හිස නමන බවත් මුස්ලිම්වරුන්ට වෙනම නිතියකුත් සිංහලයන්ට වෙනමම නීතියකුත් තිබිය නොහැකි බව ගලගොඩ අත්තේ ඤාණසාර හිමියෝ පැවැසූහ.
බොදු බල සේනා ජාලයේ මහලෙකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි ඇතුලු හිමිවරුන් පිරිසක් තමන්ට මරණීය තර්ජන එල්ලකළ බවට කොම්පඤ්ඤවීදියේ පොලීසියට වටරැක විජිත හිමියන් විසින් කරන ලද පැමිණිල්ල සඳහා ප්‍රකාශයක් ලබා දීමට ඤාණසාර හිමියෝ අද (12දා) කොම්පඤ්ඤවීදිය පොලීසියට වැඩම කළහ. ඉන්පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ඉහත අදහස් ප්‍රකාශ කළහ.
එසේම මෙහිදි උන්වහන්සේ අමාත්‍යවරුවන් වන විමල් වීරවංස, රිශාඩ් බදියුදින්, රවුෆ් හකීම්, වාසුදේව නායක්කාරයන අයටත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ටත් තමන් සමග විවෘත සංවාදයකට පැමිණෙන ලෙස අභියෝගයක්ද කළහ.